ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම් බව පවසා තමන්කඩුව ප්‍රාදේශීය සභාපතිගෙන් ප්‍රාඩෝ රියකට ඉන්දන ඉල්ලූ බව කියන හෙට්ටිආරච්චිගේ උපාලි ගුණරත්න පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන නම වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මුල්ලේරියාව, කැලණිතිස්ස මාවතේ පදිංචි මොහු ළඟ තිබූ මාධ්‍ය හැදුණුම්පත බොරු එකක් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහු ගැන සැක සිතූ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ මහතා පොලීසිය කැඳවීය.
ප්‍රාඩෝ රිය ද පොලිස් බාරයට ගෙන ඇත.

